මොබයිල් ෆෝන් එකට අකුණු වදිනවද ? අැත්ත නැත්ත මෙන්න

මේ දින වල ඇති අහයපත් වර්ෂාවත් අකුණු සැර වැදීමේ ප්‍රවණ තාවය වැඩි වී තිබෙනවා. 



එම හේතුවෙන් සාමාන්‍ය ජිවිතයේ  රූපවාහිනියක් නැරඹීම, දුරකතන භාවිතයෙන් බොහෝ දෙනා ඉවත් වනවා. ඇත්තටම ජංගම දුරකතනයට අකුණු වදිනවද? 

ලෝකයේ ප්‍ර‍කටම විද්වතෙක් වන මහාචාර්ය වර්ණන් කුරේ මහතා මේ පිළිතුර දීල තිබුණා.

" ජංගම දුරකථනයට අකුණක්‌ ඇද ගැනීමේ හැකියාවක්‌ නැහැ. අකුණු ඇදගැනීමේ හැකියාව ජංගම දුරකථනයට වඩා මිනිස්‌ සිරුරට තිබෙනවා. ජංගම දුරකථන භාවිතා කරන විට අකුණක්‌ වැදුණොත්, ඒ කියන්නේ එය නැතුව වුණත් ඒ අකුණ ඇඟට වදිනවා කියන එකයි. 

මම සමහරුන්ගේ ජංගම දුරකථනයට ඇමතුම් දෙනවිට ඔවුන් මට කියනවා, අකුණු ගහන නිසා, පස්‌සේ කතා කරමු කියලා. ඒ වෙලාවට මම කියනවා, අවුරුදු හතළිහක්‌ තිස්‌සේ මම අකුණු ගැන හදාරලා තියෙන්නේ. ඒ නිසා එකේ කිසිම ප්‍රශ්නයක්‌ නැහැ, අපි කතා කරමු කියලා.

ඔය මතය ආරම්භ වුණේ එංගලන්තයෙන්. එහේ කාට හරි ජංගම දුරකථනයෙන් කතා කර කර ඉද්දි අකුණක්‌ වැදිලා තියෙනවා. ඒ ගැන වෛද්‍යවරු ප්‍රකාශ කරපු මතයක්‌ තමයි, මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. වෛද්‍යවරු ඒ ගැන හදාරපු අය නොවන නිසා ඔවුන් ඒකට හේතුව ලෙස ගෙන තිබෙන්නේ, ජංගම දුරකථනය. ඒකයි මේ වැරදි මතයට මුල " 
Previous
Next Post »