කොකා කොලා ඔබ පානය කරනවාද ? එය සැදීමට යොදා ගන්නා රහස්‍ය වට්ටෝරුව ගැන ඔබ දන්නවාද ? (Hidden Secrets )

Want To Know About Hidden Secrets Of Exclusive Coca Cola Recipe

ලොව අතිශයින් ජනප්‍රිය පානයක් වන Coca Cola ලොකු කුඩා කවුරුත් ප්‍රිය කරන බීමක්. ලෝකයේ රටවල් බොහෝමයක පිහිටුවා ඇති කර්මාන්ත ශාලා තුල Coca Cola නිශ්පාදනය කෙරෙනවා. නමුත් හැම රටකම Coca Cola නිශ්පාදන කර්මාන්ත ශාලාවලට Coca Cola නිශ්පාදනය පිණිස මවු සමාගමෙන් ලැඛෙන්නේ ක‍Coca Cola පවුඩර් එකක් බවයි වාර්තා වෙන්නේ. එම Coca Cola පවුඩර් එකට අවශ්‍ය පමණ ජලය මුසු කර Coca Cola නිශ්පාදනය කෙරෙනවා. මේ තරම් රහසිගතව තියෙන Coca Cola ක‍දක්වට්ටෝරුව පසු ගිය කාලයේ හෙළිදරව් වුනා. ලෝකයේ ලොකුම රහසක් එළිවීමක් ලෙසයි මාධ්‍යය එම පුවත වාර්තා කරේ.

 Get Post By

1886 වසරේදී එනම් මීට වසර 129 කට පෙර ජෝන් පෙම්බර්ටන් නම් ෆාමසිස්‌ට්‌ (ඛෙහෙත් වර්ග කලවම් කර ඛෙහෙත් වර්ග සාදන්නෙකු) කෙනකු විසින් සොයා ගන්නා ලද මෙම රෙසිපි එක මෙතෙක්‌ කල් මුළු ලොවේම රහසක්‌ව පැවැතිණි. එම රෙසිපි එක දැමූ පුංචි වොලට්‌ එක (පර්ස්‌ එකක්‌ සමාන දෙයක්‌) එදා - මෙදා තුර දවසේ පැය 24 ක්‌ පුරාම ආරක්‌ෂක භටයන් දෙදෙනකු විසින් සේවා මුර අනුව ආරක්‌ෂා කරන ලදී.


කෙසේ හෝ එම රෙසිපි එක පසුගියදා ප්‍රකාශයට පත්වී බටහිර රටක පුවත්පතක පළ වූ බව ලන්ඩන් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත 2011 පෙබරවාරි 16 දා වාර්තා කළේය. එම රහස්‌ ලියවිල්ල නැත්නම් රෙසිපි එක ආරක්‌ෂා කර තිබුණේ ඇට්‌ලන්ටා නුවර ජෝර්ජියාවේ ආරක්‌ෂක සේප්පුවක්‌ ඇතුළේය.

මේ අනුව Coca Cola  සැදීමට අවශ්‍ය මූලික ද්‍රව්‍ය අතර පහත සඳහන් වර්ග ඇත.

    සයිට්‍රික්‌ ඇසිඩ්
    කැෆෙන් 
    සීනි 
    දෙහි යුෂ පයින්ට්‌ 2 1/4 ක්‌ (වතුර ගැලූම් 2.5 සඳහා) 
    කැරමල් (වර්ණ ගැන්වීම සඳහා) 
    මත්පැන් 
    දොඩම් තෙල් 
    දෙහි තෙල් 
    සාදික්‌කා තෙල් 
    කොත්තමල්ලි  කුරුඳු පොතු ඒ අතර සඳහන් වේ.

(මේ සඳහා අවශ්‍ය සමහර ද්‍රව්‍ය මෙහි පළ කර නැත.)

ද ටෙලිග්‍රාෆ් පුවත්පත / ලන්ඩන්











Previous
Next Post »

1 comments:

Write comments
Anonymous
AUTHOR
December 12, 2015 at 6:39 AM delete

නියමයි ^_^

Reply
avatar