අයකරන මුදල රුපියල් කෝටි දෙකක් වන බවත් කියැවෙනවා. එක රැයකට කෝටි දෙකක මුදලක් අයකරන සනී ලියොන්ගේ විශේෂත්වය මොකක්දැයි ඇතැමුන්ට ගැටලුවක් මතුවෙන්නත් පුළුවන්. ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයමින් සනී ලියොන්ගේ කැරැට්ටුව ගැන සැබෑ තතු එළිකරන්නට ‘රිවිසරසි’ අපි තීරණය කළා. මේ, ඇය ගැන සටහනක්.
1981 වසරේ මැයි 13 වැනි දා කැනඩාවේ දී උපත ලැබූ සනී ලියොන් ඉන්දු-කැනේඩියානු මිශ්‍ර සම්භවයක් ඇති නිළියක ලෙස ප්‍රකටයි. කරන්ජිත් කොවුර් යන නම ‘සනී ලියොන්’ යනුවෙන් ඇය වෙනස් කරගෙන තිඛෙන්නේ වයස අවුරුදු 19 දී කලා ක්‍ෂේත්‍රයට එකතුවන විටදීමයි.
පාසල් සමයේ දී මිතුරියක සමග නැරඹූ වැඩිහිටි චිත්‍රපටයක් නිසා පසුකාලීනව නොබියව තමන් වැඩිහිටි චිත්‍රපට රංගන ක්‍ෂේත්‍රයට එකතු වූ බව සනී ලියොන් පවසා තිඛෙනවා. නිල් චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායකවීමෙන් අනතුරුව සනී ලියොන් ආරම්භ කළ සිය පුද්ගලික රංගන වීඩියෝපට ඇතුළත් වබේ අඩවිය නිසා සනී ලියොන් දිනෙන් දිනම සිය ජනප්‍රියතාව වර්ධනය කරගත්තා. ලෝකය වටා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම වබේ අඩවිය නරඹා ඇති බවට තමන් ගණන් බලා ඇති බව සනී ලියොන් පවසනවා.
සනී ලියොන් වැඩිහිටි චිත්‍රපට සහ වීඩියෝවල රඟපෑ මුල් අවදියේ ප්‍රසිද්ධ වූයේ බේබදු කතක ලෙසයි. සමාජශාලාවල ජනතාව පිනවීමට විවිධ ශෘංගාරාත්මක ඉදිරිපත්කිරීම් සිදුකළ ඇය මත්වීමේ උපරිම තලයට පැමිණි විට ඇඳුම් සියල්ල උනාදමා නිරුවතින් කලහකාරී ලෙස හැසිරෙන බවට මුල් කාලයේ දී චෝදනා ලැබුවා. ඒ බව තහවුරු කෙරෙන වීඩියෝ දර්ශන ද අන්තර්ජාලයේ පළ කෙරුණා.
සනී ලියොන් සම්බන්ධ වඩාත්ම විවාදාත්මක කාරණාව වන්නේ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍යයක පළකළ ප්‍රකාශය බව කීම ද වැරදි නැහැ. ස්ත්‍රී දූෂණය යනු අපරාධයක් නොවන බවත්, එය පුදුම කරවීමේ (ඵභපනපඪඵඥ) කායික සංසර්ගයක් බවත් සනී ලියොන් ප්‍රකාශ කර තිබුණා. ඇයගේ ට්විටර් ගිණුමේ පළකර තිබුණු එම ප්‍රකාශයට ලෝ වටා සමාජ ක්‍රියාකාරිකයන් එකහෙළා විරෝධය පළකළා. තමන්ගේ ප්‍රකාශයක ඇති බරපතළකම නොතකා මෝඩකම ප්‍රදර්ශනය කරන්නට යෑම ගැන ඇති පදමට බැණුම් ඇසූ සනී ලියොන් ලෝකයාගේ තර්ජන හමුවේ අවසානයේ සිය ප්‍රකාශය ඉල්ලා අස්කරගත්තා.
නිල් චිත්‍රපට නරකයි කියමින් ඒවාට විරුද්ධව බණ දේශනා කරන සියලු පිරිමි සහ ගැහැනු හොරෙන් හොරෙන් ඒ චිත්‍රපට නරඹන බව සනී ලියොන් තවත් විටෙක නොබියව ප්‍රකාශ කළා.
නිල් චිත්‍රපටවලින් අනතුරුව බොලිවුඩයේ ප්‍රධාන ධාරාවේ චිත්‍රපටවල රංගනය ආරම්භ කළ සනී ලියොන් වඩාත්ම ජනප්‍රිය වූයේ ජිසම් 2 චිත්‍රපටය හරහායි. ජිසම් 2 චිත්‍රපටයේ ඇතැම් දර්ශන ශ්‍රී ලංකාවේ ද රූගත කෙරුණු අතර සනී ලියොන් මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේ එම චිත්‍රපටයේ රූගතකිරීම් සඳහායි.
එය නිමවා යළි ඉන්දියාවට ගිය විට එරට මාධ්‍යවේදියකු සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී සනී ලියොන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට තමන් ආදරය කරන බවයි. ශ්‍රී ලංකාව යනු මුහුදෙන් වටවූ දූපතක් බවත්, ඒ රටෙහි වඳුරන්, මොනරුන් සහ කිඹුලන් වෙසෙන බවත්, තමන් වඩාත්ම කැමැති ලංකාවේ තැඹිලි බිමට බවත් එම සම්මුඛ සාකච්ඡාවේ දී සනී ලියොන් ප්‍රකාශ කර තිඛෙනවා.
සනී ලියොන්ගේ සැමියා ‘ඩැනියෙල් වෙල්බර්’ යනු නිල් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන අතර ඔවුන් විවාහකයන් පමණක් නොවන නමුත් ව්‍යාපාර සගයන් ද වනවා. ඉභද ඹ්භඵබ ඪජබභපඥඵ යනුවෙන් හඳුන්වන මේ දෙදෙනාගේ චිත්‍රපට නිෂ්පාදනායතනය ලෝකයට නැවුම් අමුතුම ආකාරයේ නිල් චිත්‍රපට මුදාහරින බව ප්‍රසිද්ධ කාරණාවක්.
සනී ලියොන් සහ වෙනත් නිරූපණ ශිල්පීන් රංගනයෙන් දායක වන නිල් චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීම ඩැනියෙල් වෙල්බර්ගේ රාජකාරිය වන අතර සනී ලියොන් රඟපාන්නේ සිය සැමියා අනුමැතිය දෙන නිල් චිත්‍රපටවල පමණක් බවත් ඇය මාධ්‍යවේදියකු සමග කියා තිඛෙනවා.
කෙසේ නමුත් තමන්ගේ මේ ක්‍රියාකලාපය ගැන නොසතුටින් සිය පියා පිළිකා රෝගයකට ගොදුරුව මියගිය බවත් මව ද ඉන් පසුව රෝගීව මියගිය බවත් තමන්ට ඔවුන් ගැන සොයා බැලීමට කාලයක් නොතිබුණු බවත් සනී ලියොන් යළිත් වතාවක ප්‍රකාශ කර තිබුණා.
නිල් චිත්‍රපට රංගනය නිසා සෞඛ්‍යයට හා ජීවිතයට අනතුරක් නැද්ද යනුවෙන් මාධ්‍යවේදියකු විමසූ පැනයකට සනී ලියොන් මෑතක දී අපූරු පිළිතුරක් ලබාදී තිබුණා. තමන් උපරිම සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් රංගනයේ නියැළෙන බවත් සෑම සති තුනකට වතාවක්ම රුධිර පරීක්ෂාවක් සහ මූත්‍රා පරීක්ෂාවක් කරගන්නා බවත් ඇයගේ පිළිතුර වී තිබුණා.
සනී ලියොන්ගේ ශ්‍රී ලංකාගමනය දෙසැම්බර් සීතල දුරු කරනු ඇති බවට බොහෝ අය බලාපොරොත්තුවෙන් පසුවන බව දැනගන්නට තිඛෙනවා.
Video නැරබීමට පහල චයරුපය Click කරන්න.
EmoticonEmoticon