
කොළඹින් ගමන් ආරම්භ වීමට නියමිත බස්රථයක කොන්දොස්තරවරයා ''නගින්න... නගින්න... ගාල්ල... මාතර'' යනුවෙන් කෑගසයි. ඒ බස්රථයට මගී එකතු කරගැනීමටය. කොන්දොස්තරවරයා වයස අවුරුදු 25 ක පමණ සිහින් සිරුරක් හිමි තරුණයෙකි.
බස්රථයට ගොඩවීමට පැමිණෙන සුන්දර යුවතියකි. ඇය දුටු විගසම කොස්දොස්තරවරයාට ඇතිවන්නේ ප්‍රේමණීය හැගීමකි. ''අයියේ... මට ගාල්ලෙදි කියන්න...'' තරුණිය කොස්දොස්තරවරයාට කියයි.
කොන්දොස්තරවරයාගේ සතුට දෙගුණ තෙගුණ වෙයි. කෙසේ හෝ තරුණිය කියූ පණිවුඩය කොන්දොස්තරවරයාට සිහිපත් වන්නේ මාතරත් පසුකළ විටය. මගීන්ගේ විරෝධතා මැද බසය නැවත හරවා ගාල්ලට පැමිණ, ''නංගී... ගාල්ලට ආවා'' යැයි කොන්දොස්තරවරයා තරුණියට පවසයි. තරුණිය බසයෙන් බැස ගොස් බිස්කට් පැකට් එකක් රැගෙන පැමිණ ''අයියාටත් එකක් දෙන්නදැයි''කොන්දොස්තරවරයාගෙන් අසයි. කොන්දොස්තරවරයාට ඇතිවන්නේ මහත් ලැජ්ජාවකි.
ඒ, මේ දිනවල ඉතා ජනප්‍රිය රූපවාහිනී දැන්වීමක පෙළගැස්මය. සියුම් උපහාසයත් හාස්‍යයත් මෙම දැන්වීමේ සාර්ථකත්වයට හේතු වී ඇත. මෙම දැන්වීම නිර්මාණය වූ ආකාරයත් ඒ සඳහා පසුබිම් වූ තොරතුරු පිළිබඳව සොයා බැලුවේ එම දැන්වීම කෙරෙහි රූපවාහිනී ප්‍රේක්ෂකයින් තුළ ඇති ආකර්ෂ”ය බව නිසාමය. එහිදී අප මුලින්ම කරුණු විමසා සිටියේ මැලිබන් ආයතනයේ ක්‍රීම් ක්‍රැකර් කාණ්ඩ කළමනාකාරවරයා වන කසුන් තොටගමුව ගෙනි.
EmoticonEmoticon