අව් කණ්ණාඩි පැලඳිමේදී මේගැනත් සිතන්න

අව් කණ්ණාඩි පලඳින්න අපි කවුරුත් කැමැතියි’ අද වන විට අපේ බොහෝ තරුණ තරුණියන් මෝස්තරයට” පැෂන් එකට අව් කණ්ණාඩි පලඳින්නත් හුරුවෙලා තිඛෙනවා’ ඒ සමගම අද වෙළෙඳපොළේ විවිධාකාරයේ මෝස්තරවලින් යුතු” විවිධ මිල ගණන්වලට අව් කණ්ණාඩි ලබා ගන්නටත් තිඛෙනවා’ ඇත්තටම කිවහොත් ඇස් දෙකේ ආරක්ෂාව සඳහා අව් කණ්ණාඩියක් පැලඳීම ඛෙහෙවින්ම සුදුසු දෙයක්’ විශේෂයෙන් තද අව්වට යත්දී අව් කණ්ණාඩියක් පැලඳිය යුතුමයි’ නමුත් ඒ සඳහා ඔබ තෝරාගන්නා අව් කණ්ණාඩිය කෙබඳු එකක්දැයි යන්න පිළිබඳ ඔබේ විශේෂ අවධානය යොමු විය යුතුයි’

ඔබ තෝරාගන්නා අව් කණ්ණාඩිය හොඳ ප්‍රමිතියකින් යුතු එකක් විය යුතුයි’ කිසි විටෙකත් පාර අයිනේ” පදික වේදිකාවේ තබාගෙන විකුණන අව් කණ්ණාඩි නම් මිලදී ගන්නට එපා’ සාමාන්‍යයෙන් ඇස් දෙකට සුදුසු අව් කණ්ණාඩියක් තෝරා ගන්නට ඔබ වෛද්‍ය උපදෙස් පතනවා නම් වඩාත් හොඳයි’ ප්‍රමිතියකින් යුතු අව් කණ්ණාඩියක් සාමාන්‍යයෙන් රුපියල් දාහකින් එහා රු’ 5000 ක අතර මිල ප්‍රමාණයක් වෙනවා’ ඒ නිසා අඩු මුදලට පාරේ විකුණන අව් කණ්ණාඩි පැලඳීමෙන් ඔබේ ඇසේ පෙනුමට සහ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් උදාවන බැවින් ඒ ගැන සැලකිලිමත් වෙන්න’

ඕනෑම පුද්ගලයෙක් තමන්ගේ ඇස් දෙකේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන්නේ නම් මාස 06 කට වතාවක්වත් වෛද්‍යවරයකු හමු වී ඇස් පරීක්ෂා කරවා ගත යුතුයි’ ඇසට විවිධ දේ මාර්ගයෙන් වන හානි මෙන්ම ලෙඩ රෝග වලින් ද ඉක්මනින් වැළකීමේ හැකියාව මේ නිසා ඔබට හිමි වේ’ තමන්ගේ ඇස අවට” මුහුණ පිසදාන තුවාය” ලේන්සුව ආදිය ඉතාමත්ම පිරිසුදුව තබා ගැනීමට ඔබ පුරුදු විය යුතුය’ එසේම එම පෞද්ගලික භාණ්ඩ කිසි විටෙක අන් සතු නොකළ යුතුය’ වෙනත් අයකු පාවිච්චි කළ තුවා” ලේන්සු ආදිය පාවිච්චි කිරීමෙන් වැළකී සිටිය යුතුය’ බොහෝ අවස්ථාවල ඇස් රෝග බෝවෙන්නේ මේ නිසාය’

තමන්ට උත්පත්තියෙන් ලැඛෙන ස්වාභාවික පෙනුම වෙනස් කර ගන්න අද බොහෝ දෙනෙක් උත්සාහ ගන්නවා’ මේ අතර ඇස් දෙක වෙනස් කර ගැනීමත් ජනප්‍රිය දෙයක්’ මේ සඳහා බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ Contact Lenses භාවිත කිරීමයි’ එහෙත් ඇසේ සෞඛ්‍යාරක්ෂිත බව වෙනුවෙන් බොහෝ විට අපි උපදෙස් දෙන්නේ හැකිතාක් දුරට Contact Lenses පැලඳීමෙන් වැළකී සිටින ලෙසයි’ අත්‍යවශ්‍ය කාරණාවක් සඳහා Contact Lenses ඔබ පැලඳ සිටින කෙනෙක් නම් ඒවා පැලඳගෙන ගින්දර අසලට යාමෙන් වැළකී සිටිය යුතුය’ අනෙක් කාරණය එම Lenses නිසි ප්‍රමිතියකින් යුතු වුණු ඒවා සේම  Lenses සේදීම සඳහා භාවිත කරන දියර වර්ගය පමණක්ම ඒ සඳහා පාවිච්චි කළ යුතුයි’ සමහරුන් ඒ සඳහා ඇල් වතුර පාවිච්චි කළත් එය කිසි විටෙකත් කළ යුතු නොවේ’
Previous
Next Post »