මඳ සරු භාවය කියන්නේ ලෙඩක්ද ?


මඳසරු භාවය කියන්නේ සමාජයේ බහුලව පවතින ගැටලූ සහගත තත්වයක්. මේ තත්වය ගැහැනුන්ට වගේම පිරිමින්ටත් බලපානවා. මඳසරු භාවය නමින් හැඳින්වෙන්නේ ගැබ් ගැනීමට සාපේක්ෂව ඇති අපහසුතාවයකි. එය නිර්වචනය කරන්නේ ඔසප් 
චක‍්‍රයේ පළමු මාස දොළහ තුල සහ සරු කාලයේදී සංසර්ගයේ යෙදුනත්, ගැබ් ගැනීමට නොහැකි වීම ලෙසයි. ප‍්‍රාථමික මඳසරුභාවයේදී, යුවලක් කිසිදා ගැබ්ගෙන නොතිබෙන අතර ද්විතීයික මඳසරුභාවයේදී ගැබ් ගැනීමට හැකිවුවත් එය කිසිදාක දරුඋපතක් දක්වා වර්ධනය වී නොතිබේ.


මඳ සරු භාවයට හේතු

කාන්තාවන් සඳහාත්‍ව

වයස අවුරුදු 35ට වැඩි හෝ අඩු 17ට අඩුවීම
ඔසප් සිදුවීමේදී රුධිර වහනය අඩුවීම හෝ ඔසප් වීම නියමිත දිනට සිදු නොවීම
කලින් සිදුකල ගර්භාෂයේ හෝ ශ්‍රෝණි ප‍්‍රදේශයේ සිදුකළ ශල්‍යකර්ම
කලින් සෑදුණු ලිංගාශ‍්‍රිත රෝග
ශ්‍රෝණි පරීක්ෂණයේදී දක්නට ලැබෙන සංකූලතා
පිළිකා සඳහා කලින් ලබාදුන් රසායනික ප‍්‍රතිකාර
පුරුෂයින් සඳහාත්‍ව

ලිංගාශ‍්‍රිත රෝග
ලිංගාශ‍්‍රිත ශල්‍යකර්ම
 ර්‍ණවැරිකොසීල්” (වෘෂණයේ නහර ගැටගැසීම* තත්ත්වය
ශරීරයේ අසනීප තත්ත්වයන්
ලිංගේන්ද‍්‍රීය ආශ‍්‍රිත වෙනත් සංකූලතා (පරීක්ෂණයේ දක්නට ලැබේ*
පිළිකා සඳහා කලින් ලබාදුන් රසායනික ප‍්‍රතිකාර

රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්
මඳසරුභාවයට හේතුව කාන්තාවගේ හෝ පුරුෂයාගේ හෝ පමණක් ඇති ප‍්‍රශ්නයක් හෝ දෙදෙනාගේම ප‍්‍රශ්න හෝ විය හැකියි.

එනම්, ඩිම්බ මේරීම හා මෝචනය වූ ඩිම්බය ගර්භාෂය දක්වා ගමන් කිරීම, ශුක‍්‍රාණු නිපදවීම හා ඒවා නියමිත ආකාරයට ගර්භාෂය දක්වා ගමන් කිරීම සහ පැලෝපීය නාලවල ක‍්‍රියාකාරීත්වය සහ අවසාන වශයෙන් යුක්තානුවේ (සංසේචනය වූ ඩිම්බයේ* තැන්පත් වීම ගර්භාෂයේ තැන්පත් වීම කියන කාරණා සම්පුර වුවහොත් තමා දරුවකු පිලිසිඳ ගන්නේ.

මේ යම් පියවරක  ඕනෑම ගැටළුවක් මන්දසරු භාවයට හේතුවක් විය හැකියි.

ඒ අනුව, පුරුෂයින්ගේ ප‍්‍රශ්න 25% ක් ද, ස්ත‍්‍රීන් ආශ‍්‍රිත ප‍්‍රශ්න 45% ප‍්‍රාථමික මඳසරුභාවයට හේතුවේ.

මේ අතර 30% ක පමණ මඳසරුභාවයට හේතුව සොයා ගත නොහැක.

මඳ සරු භාවයේ ඇති විය හැකි රෝග ලක්ෂණ මොනවාද?

කාන්තාව ගේත්‍ව

මුහුණේ සහ ශරීරයේ වෙනත් ස්ථානවල රෝම වැඩිපුර පිහිටා තිබීම.
කුරුලෑ බහුල ලෙස තිබීමත් පුරුෂ හෝමෝන වල වැඩිබවක් දක්වයි.
පුරුෂයින්ගේ මෙන් හිසෙහි කෙස්වල ව්‍යාප්තිය.
ලිංගේන්ද‍්‍රිය ආශ‍්‍රිත රෝම පිහිටීම පුරුෂයින්ගේ මෙන් වීම.
තන පුඩුවලින් කිරි එරීම.
ඩිම්බකෝෂවල සැරව පිරුණු ගෙඩි.
යෝනිමාර්ග පරීක්ෂණයේදී, සමහරක් සංසර්ගයේදී ඇතිවන අපහසුතා දක්නට ලැබේ. උදාහරණ ලෙස හානි නොවූ කන්‍යපටලය දක්නට ලැබේ. මෙය  ර්‍ණවැජිනිස්මස්” හෙවත් සංසර්ගයට ඇති බිය නිසා හෝ අකමැත්ත නිසා යෝනි මුඛය අවට මස් පිඩු වරින්වර වේදනාත්මකව හැකිලීම වේ.
ප‍්‍රමාණයට වඩා විශාල  ර්‍ණක්ලි‍ටෝරිසය” නොහොත් භගමණිය. මෙය පුරුෂ හෝමෝනවල ක‍්‍රියාකාරීත්වයේ වැඩිබවක් පෙන්නුම් කරන ලක්ෂණයකි.
ගර්භාෂ ගෙඩි හෝ ශ්‍රෝණියේ ඇති වෙනත් දේ යෝනිමාර්ග පරීක්ෂණයේදී දැන ගැනීමට හැකි වේ.
පුරුෂයින්ගේත්‍ව

ස්ත‍්‍රීන්ගේ මෙන් පියයුරු වැඞීම.
ශිශ්නයේ අසාමාන්‍යතා.
වෘෂණ කෝෂ සාමාන්‍ය ලෙස පවතිනවාද නැතිනම් උදරයෙහි රැුඳී පවතිනවාද බව.
හර්නියා හෝ  ර්‍ණවැරිකොසීල්” (වෘෂණයේ නහර ගැටගැසීම* තත්ත්වයන්.
.

මුලින්ම මෙවැනි යුවලකට උදව් සහ දිරිමත් කිරීම කළ යුතුය. මෙම කාලය එම දෙදෙනාගේ ජීවිතයේ අසීරු කාල පරිච්ෙඡ්දයක් වේ.

එය වඩාත් තීව‍්‍ර වන්නේ පවුලේ නැදෑයින්ගේ (ස්වාමියාගේ පාර්ශවයේ විශේෂයෙන්ම* බල කිරීම් වැඩිවන සමහරක් සංස්කෘතීන් වලය.

කැලැන්ඩර ක‍්‍රමයට ඩිම්බ මෝචනය සිදුවන දිනය තීරණය කර සංසර්ගය සිදුකිරීමට යාමෙන් අනවශ්‍ය ලෙස ආතතියට ලක්වන අතර, එය එතරම් සාර්ථක ක‍්‍රමයක් ලෙස හඳුන්වා දිය නොහැක.

ඊට හේතුව දරුවකු පිළිසිඳ ගැනීම පිළිබඳ අදහස අත්හැරිය දිනවල දරු පිළිසිඳ ගැනීම් සිදුවීම පිළිබඳව වාර්තාවන හෙයිනි.

දැනට ඇති පරීක්ෂණ මගින්, පුරුෂයකු නිපදවන ශුක‍්‍රාණු වල තත්ත්වය සොයා බැලිය හැක. එමෙන්ම. ස්ත‍්‍රියක් නියමිත ආකාරයෙන් ඩිම්බ මෝචනය සිදුකරනවාද යන්න සොයා බැලිය හැක.

තවද , පැලෝපීය නාල වල ක‍්‍රියාකාරීත්වය කෙසේද යන්න සොයා බැලිය හැක.

මේ සියල්ල සාමාන්‍ය පරිදි සිදුවන්නේ නම්, එවැනි යුවලකට සාමාන්‍ය ආකාරයට එකතු වී උත්සාහ කල හැක.

මේ සඳහා ධනාත්මක ලෙස සිතීමට පුහුණු කළ යුතුය.

උපකාරක සංසර්ග‍යේදී සිදුකරනුයේ ශුක‍්‍රාණු ඩිම්බ සමග කෘත‍්‍රීම ලෙස එකතුවීමට සැලැස්වීමයි.

මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගනිමින් අවශ්‍ය පරීක්ෂණ සහ ප‍්‍රතිකාර කරා යොමු වීම වැදගත් වනවා.



Previous
Next Post »