අතීතයේ කාන්තාවන්ගේ අරුම පුදුම රහස්.

Ancient Egyptian Beauty Secrets You Didn't Know


1. ඈත අතීතයේ ඊජිප්තුවේ විසූවන් කිසියම් දෙයක් ලියා සන්නිවේදනයේ යෙදෙනවාට වඩා තොල් ආලේපන හරහා එම තොරතුරු අනෙකා වෙත ඉදිරිපත් කිරීමට නිතරම උත්සාහ ගෙන තිබුණා.

2. ඊජිප්තු ශිෂ්ටාචාරයේදී පවා සුවඳ විලවුන් භාවිත කර ඇත. එසේ භාවිත කිරීමට හේතු වූයේ වෛද්‍ය අරමුණු සඳහා හා සුවඳ ගල්වන වශයෙනි.
උදා : ම්රනඩඪ යනු එක්තරා ඊජිප්තු සුවඳ විලවුන් වර්ගයකි. එය විවිධ වූ මල් වර්ග, පැ‚ හා ඛෙරිස් ඇතුළත් කර සකසා ඇත. මීට අමතරව මෙය පානයක් ලෙසද භාවිත කර ඇත. ඒ වගේම ඖෂධයක් වශයෙන් පෙණහලූ‍ ආශ්‍රිත බඩවැල් ආශ්‍රිත සහ අක්මාව ආශ්‍රිත රෝග සුව කර ගැනීම සඳහාද එය භාවිත කර තිබුණා.

3. අතීත ග්‍රීසියේ ජීවත් වූවන්ගේ හිසකෙස් කහ පැහැ ගැන්වී තිබූ අතර ග්‍රීක ජාතිකයන්ගේ හිසකෙස් උපතින්ම තඹ පාටින් යුක්ත වුණා. හිසකෙස් මතට අව් කිරණ වැටීමෙන් පසුව ඒ තුළින් අමුතු ලස්සනක් දිස් වුණා. ඒ කාලයේ කාන්තාවන් තම හිසකෙස් වර්ණ ගැන්වීමට ශාකවලින් ඉවත්වන කෙඳි හා පාසානම් (ඛ්චපඵඥදඪජ) භාවිත කර තිඛෙනවා. මීට අමතරව එම කාන්තාවන් ඔවුන්ගේ හිසකෙස් සේදීමට අළු, ඔලිව් තෙල් හා වතුර මිශ්‍ර කර සාදා ගනු ලබන මිශ්‍රණයක්ද භාවිත කර ඇත.

4. අතීතයේ සිටම මැදි වයසේ කාන්තාවන් විවිධ වූ ආහාර යොදා ගනිමින් ඒවා රූපලාවණ්‍ය ක්‍රියාවලින්ට ආධාරයක් වශයෙන් භාවිත කිරීමට පුරුදු වී සිටියා.පිපිඤ්ඤා යුෂ පානය කිරීම තුළින් ඔවුන්ට ශරීරයේ ඇති ලප ඉවත් කර ගැනීමට හැකියාව ලැබී තිඛෙන්නේ ඒ නිසයි.කාන්තාවන් ඔවුන්ගේ ශරීරයේ පවතින රැළි ස්වභාවය ඉවත් කර ගැනීමටත් ආහාර යුෂ මඟින් සකසන ලද ආලේපන යොදා ගෙන තිඛෙනවා.එම ආලේපන අතර ඉටි, ආමන්ඩ් තෙල් හෝ ඛ්පධජචඤඪතඥ ර්Œඪත භාවිතයෙන් නිපදවා ඇත.

5. ජපාන කාන්තාවන් ඔවුන්ගේ සුන්දරත්වය පිළිබඳ ඔවුන් විසින්ම යම් යම් නිගමනවලට පැමිණ තිඛෙනවා. එක් කාන්තාවක් විසින් කළ ස්වයං විනිශ්චයකට අනුව ඇයගේ කොණ්ඩය අඩි 2ක් පමණ ඉණ දක්වා වර්ධනය වී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් zර්ථීධදර බචඪතz යන කොණ්ඩා විලාසිතාව ජනප්‍රිය වී ඇත.

6. ඉතාලියේ ඇති වූ පුනරුදයේදී ඉතාලි ජාතික කාන්තාවන් රතු තොල් සහ කම්මුල් වර්ණ ගැන්වීම සිදු කළා. ඔවුන් ඒ සඳහා කුකුළු සායම්, සඳුන් සමඟ ඉටි හෝ තෙල් (ග්‍රීස්) මිශ්‍ර කර තිඛෙනවා. නමුත් එය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් වී ඇති අතර තොල් ආලේපනයට යොදා ගනු ලබන රතු පාට ඉස්තරම් ආකාරයට ලබා ගැනීමට නම් එම මිශ්‍රණය සතියකට වඩා වැඩි කාලයක් තැබිය යුතු වුණා.

7. එකල ස්පාඤ්ඤ වැසියන්ට පිඟන් මැටි ආරක්ෂා කර ගැනීමට දැඩි උත්සාහයක යෙදෙන්න සිදුවී තිඛෙනවා. එසේ සිදුකළේ එරට කාන්තාවන් ලස්සන වීමට පිඟන් මැටි හා පස් ආහාරයට ගැනීමට හුරු වී සිටි බැවිනි. ඒවා ආහාරයට ගැනීමෙන් පසුව ඔවුන්ට ලේ අඩුකම හෙවත් සුදුමැළි වීම යන රෝගය පවා වැලැඳුණා.

මව්බිම පුවත් පත ඇසුරින් - සමාධි ඕබඩආරච්චි



Previous
Next Post »