ඉන්දුනීසියාවේ, අප‍්‍රිකාවේ ගැහැණුන්ගේ අමුතු ලිංගික පුරුදු




අප‍්‍රිකාව සහ ඉන්දුනීසියාව කියන්නේ HIV ඒඞ්ස් පැතිරීම අතින් පළමු පෙලේ ඉන්නා රටවල් දෙකක්. මෑතකදී කරන ලද සමීක්ෂණ වලින් තහවුරු වුනේ ඒ රටවල් දෙකේ ආසාදිතයින් ප‍්‍රමාණය එන්න එන්නම වැඩි වනබවත් ඒ අතර කාන්තාවන් ගණන ඉහල ගොස් ඇති බවත්ය.
එයට හේතු ලෙස සොයාගත්තේ අප‍්‍රිකාවේ සහ ඉන්දුනීසියාවේ කාන්තාවන් අතර යොදා ගැනෙන අමුතුම ආකාරයේ පුරුද්දක්.


ඔවුන් වැලි සහ විරංජන කුඩු භාවිතා කරමින් යෝනි මාර්ගය වියලි කිරීම සිදු කරන බව අනාවරණය වුණා.

මේ මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ යෝනි මාර්ගයේ ඇති ප‍්‍රතිරෝධය වැඩි කරමින් පිරිමියාට ලබා දෙන ලිංගික තෘප්තිය වැඩි කිරීම කියලයි පවසන්නේ.

යෝනි මාර්ගය වියලි කිරීමට ඔවුන් කුඩු කරගත් පාෂාණ කොටස්, හුණු, කඩදාසි මෙන්ම සමහර පැළෑටි කොටස් පවා යොදා ගන්නා බව වාර්තා වී තිබෙනවා.

මේ වැලි, පාෂාණ කුඩු හෝ විරංජන කුඩු ඇල්කොහොල් , ජලය හෝ වෙනත් ද්‍රවයක් සමග එකතු කරගෙනයි මේ කාර්යය සිදු කරන්නේ.

මේ මගින් යෝනි මාර්ගයේ තුවාල, සිරීම්, ඉදිමීම් ඇති වනවා වගේම කොන්ඩම් භාවිතා කරද්දී ඒවාට හානි වීමත් සිදු වනවා.

මේ නිසා ආසාදන පැතිරීමට ඇති අවධානම කිහිප ගුණයකින්ම ඉහල යන බව පැවසෙනවා.

ඒ වගේම ජාවා දුපතේ සමහර පළාත් වල සමහර කාන්තාවන් යෝනි මාර්ගය වියළීමේ අරමුණින් ගින්දරට ඉහලින් සිටගෙන ඉන්නා බවත් වාර්තා වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ තවත් සමහර ප‍්‍රදේශ වල සිගරට්ටුවක් ආකාරයට කපාගත් පැළෑටි මුල් භාවිතයෙන් මෙය සිදු කරන බවත් කියවෙනවා.

මේ ගැටලූ‍ව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඔවුන් සතුව මේ සම්බන්ධව ඇති වාර්තා කල් ඉකුත්ව ඇති බවත් නව සමීක්ෂණ සිදු කිරීමකින් පසු අවශ්‍ය පියවර ගත යුතු බවත්ය.

2009 වසරේදී සැම්බියාවේ HIV ආසාදිත කාන්තාවන් 812ක් යොදාගෙන සිදු කල පර්යේෂණයකින් ඔප්පු වුනේ ඉන් තුනෙන් එකක් දෙනා ජිවිතයේ කවර හෝ අවස්තාවක මෙවැනි ක‍්‍රම භාවිතා කර ඇති බව සහ ඉන් භාගයකටත් වඩා වැඩි පිරිසක් ඒ වන විටත් එවැනි ක‍්‍රම වලට ඇබ්බැහි වී ඇති බවත්ය.


මෙවැනි දේවල් එම රටවල ප‍්‍රචලිත වීමට හේතු වී ඇත්තේ කාන්තාවන්ගේ යෝනි මාර්ගය වියලි වන තරමට පිරිමි ලිංගික තෘප්තියක් ලබන බවට ඇති සාම්ප‍්‍රදායික විශ්වාසයයි.
Previous
Next Post »